page-background-history

යුධ සංග්‍රාමයන්

ජර්මානු යුධ සමය

ක්‍රි.1939 සැප්තැම්බර් මාසය මුළු ලෝකයම යුද්ධය නමැති කළු දුමාරයෙන් වැසී ගිය සමයක් විය. ජර්මනිය ආඥා දායක ඇඩොල්ෆ් හිට්ලර් ක්‍රමයෙන් පෝලන්තය, ඩෙන්මාර්කය, ඕලන්දය, නොර්වේ,ග්‍රීසිය,ක්‍රීටය, ඛෙල්ජියම,චෙකස්ලොවාකියාව වැනි යුරෝපිය රටවලට තර්ජනය කිරිමක් අවසානයේදි සැප්තැම්බර් 01 වැනිදා පෝලන්තයට පහර එල්ල කොට තෙදිනකින් එය යටත්කර ගැනීමත් නිසා උරණ වු මහා බි්‍රතාන්‍යය සහ ප්‍රංශය 1939 සැප්තැම්බර් 03 වැනිදා ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ

   

එකල මහා බ්‍රිතාන්‍ය ලකුණු ලැබුවේ බ්‍රිතාන්‍ය හා මුළු අධිරාජ්‍යයයි. මෙයට බ්‍රිතාන්ය යටපත් කොටගෙන තිබුණු සියලූ යටත් විජිතයන්ද ඇතුලූ විය. මේ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාවද යුධ ගැටුමට සම්බන්ධ වියහිට්ලර්ගේ සැලසුම වූයේ ප්‍රංශය යටපත් කොටගත් පසු බි්‍රතාන්‍යය අධිරාජ්‍යය දුර්වල කිරිමයිඒ සදහා මොහු යටත් විජිතයන් අල්ලා ගැනීම තම ප්‍රධාන අරමුණ කර ගත්තේයබි්‍රතාන්‍යයේ ප්‍රධාන යටත් විජිතය වු ඉන්දියාව අත්පත් කර ගැනිමේ අරමුණින් ඒ සදහා ප්‍රධාන උපක්‍රමයක් ලෙස ත්‍රිකුණාමල වරාය හා කටුනායක ගුවන්තොටුපල අත්පත් කර ගැනිමයිමේ සදහා ශ්‍රී ලංකාව තම යටතට ගැනීමට අවශ්‍ය වන බව ඔහු හොදින්ම දැන සිටියේය.

මේ සදහා පළමු වෙඩි මුරය හිට්ලර් විසින් උතුරු අපි්‍රකාවේ ඉංග්‍රීසි යටත් විජිතයන් වු ටොබ්රුක් සහ එල් අලමෙයින් අල්ලා ගැනීම සදහා 1941 පෙබරවාරි මාසයේ හිට්ලර් අෆ්රිකා කෝනමින් නව යුධ කණ්ඩායමක් ආරම්භ කොට දක්ෂ හමුදාපති ලූතිනාන් ජෙනරාල් අර්වින් රොමෙල් යටතේ එහි යැව්වේය.

 

අර්වින් රොමෙල් යුරෝපා යුධ ගැටුම් වලින් පසු ජනප්‍රියත්වය දරා සිටියේ පරාජය නොකළ හැකි වීරයෙකු සැටියටයි. එහෙත් ඔහුගේ හමුදාවන් සාර්ථකව එල් අලමෙයිනට ඉතා ලංව ඇලෙක්සැන්ඩි්‍රයාවට සැතපුම් 55 ක ළගකට පැමිණ සිටියත් 1943 මාර්තුවේදි සේනාපති රොමෙල් දැඩි ලෙස රෝගාතුර වියඔහුගේ තැන ගත් ජෙනරාල් ඩයට්ලොෆ් ජර්පන් ෆොන් ආර්නිම් බලවත් සටනක් ගෙන ගියත් පරාජ කරන ලදි. ඒ අනුව ආර්නිම් යුධ භටයන් 270 000 (ජර්මන් ජාතිකයන් 125 000 ක් ද ඇතුළුව) මැයි 13 වැනිදා පරාජය පිළිගෙන යටත් වූහ.

 මෙම ජයග්‍රහණය සදහා බි්‍රතන්‍යය යුධ භටයෝ 275 000 ක් ද දිවි පිදූහමෙම සටනේ භීෂණ තත්වය මෙන්ම ජය පරාජය ද සලකා බලන කල මෙසේ හිට්ලර් පරාජය විම විස්මයජනකයි මෙයින් පරාජයට පත්කරනු ලැබුවේ අප රට ඉලක්ක කරගෙන හිට්ලර් යෙදූ යුධ මෙහෙයුමයි.

 

 

ජපන් යුධ සමය

ජර්මන් යුධ හමුදා පසු බැස්මත් සමග සිරිලකට දරුණු ජපන් තර්ජන එල්ලවිම ආරම්භය ක්‍රි.1941 වූ දෙසැම්බර් මස 7 හා 8 වන දින ජපන් හමුදාවෝ ඇමරිකා ජනපදයට අයත් ශාන්තිකර සාගරයේ හවායි දූපතේ පර්ල් වරායට බෝම්බ හෙලුහඒ සමගම ඔවුහු මුළු ආසියාකරයටම යුද්ධය නමැති ඝන අදුරයේ ගිල්වා තබමින් පිලිපීනය, මලයාවබුරුමය (අද මියන්මාරය) තායිලන්තය හා ප්‍රංශයට යටත් ඉන්දු චීන දුපත් සියල්ල අත්පත් කරගෙන සිංගප්පූරුව දක්වා පැමිණියහඉතිරිව තිබුණේ ලංකාව හා ඉන්දියාව ආක්‍රමණය කිරිමයි. ඔවුන්ද ත්‍රිකුණාමලයේ වැදගත්කම මැනවින් දැන සිටි බවට සැකයක් නැත.

1942 අප්‍රේල් 05 වැනි දා ජපන් නැව් කණ්ඩායමක් කොළඹ අහස වට කළේය.  මෙම යාත්‍ර 72 කණ්ඩායමට  බෝම්බ හෙලීමට හැකි වුයේ කොළඹ වරායේ නැව් දෙක තුනකට සහ තවත් තැනකට දෙකකට පමණිවැරදීමකින් ඔවුන් විසින් අංගොඩ මානසික රෝහලටද බෝම්බයක් හෙලන ලදිඑදින වැඩි හානියක් සිදු කිරිමට ඔවුනට නොහැකි වියඅවසානයේදි ඔවුන් අන්ත පරාජයකට පත්වියතමන්ගේ පරාජය වසංකර ගැනිම සදහා ජපන්නු ස්වල්ප දිනකට පසුව ත්‍රිකුණාමල වරායට ප්‍රහාරයක් එල්ල කලහ.  එහි පිහිටා ඇති විශාල තෙල් ටැංකි සංකීර්ණයේ එක් ටැංකියක් වෙත මරාගෙන මැරෙන ගුවන් නියමුවෙක් තම යානයක් සමග කඩා වැටුණේයඑහෙත් එයින් ගිනි ගැනුනේ ටැංකි දෙකක් පමණි.

 මින් ඉක්බිති ජපනුන් ලංකාව අතහැර ඉතා අනුවන ලෙස  අසාර්ථක තීරණයකට එළඹිණි. ඒ දකුණු දෙස ඕස්ට්‍රලියාව වෙත හැරීමටයි. 

 

යුධ නිමාව

අවසායේදි යුද්ධය නිමා විය. අන්තපරාජයකට පත් හිට්ලර් 1945 අප්‍රේල් 30 වැනි දින සියදිවි නසා ගත්තේය. මැයි 07 වැනිදා ප්‍රංශයේ රිම්ස් හිදි ජර්මනිය කොන්දේසි රහිතව යටත් වියමේ අනුව මැයි 08 වැනිදා යුරෝපා ජයග්‍රාහි දින ලෙස බ්‍රිතාන්‍ය  හා එක්සත් ජනපදය උත්සව පැවත්වුහ. ජපානය තව දුරටත් යුධ ගැටුම් ගෙන ගියේයඅවසානයේදි අගෝස්තු 06 වැනිදා ජපානයේ හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් හෙලන ලදි තෙදිනකට පසු හෙවත් අගෝස්තු 09 වැනි දින එහි නාගසාකි නගරයටද පරමාණු බෝම්බයක් හෙලන ලදිමේ සමග අගෝස්තු 14 වැනිදා ජපානය යටත් විය. 1945 සැප්තැම්බර් 02 ටෝකියෝ මුහුදු බොක්කේ නවතා තිබුණු මිසෝරි යුධ නැව තුල පරාජය පිළි ගනිමින් ජපානය අත්සන් තැබුවේය.

ජපන් අධිරජ හිරෝහිටෝ මෙතෙක් පැවති රජ ගෙදර සම්ප්‍රදායන් කඩකර තම බලධදාරියන්ගේ විරෝධයද නොතකා අගෝස්තු 15 වැනි දින ගුවන් විදුලියෙන් ජනතාව අමතා මෙසේ පැවසීය "අපගේ රටවැසි ඔබ සියල්ලන්ගේ අභ්‍යන්තර හැගුම් ගැන අපට හොද අවබෝධයක් ඇත. එහෙත් කාලයාගේ සහ දෛවයේ ආඥාවන් අනුව අපි අනාගතයේ බිහිවන්නට සිටින පරම්පරාවන් වෙත උදාර සාමයක් බිහි කරන්නට මාර්ගය සලසනු වස් ය." මේ දැරිය නොහැකි දේ දරන්නටත් නොවිදිය හැකි දේ විදින්නටත් තීරණය කළේ මෙම  අධිරාජ්‍යයා විසින් තීරණය ගනු ලැබුවේ 1945 අගෝස්තු 15 වැනිදාය

 

 

දේව මෑණියන්ට භාර විම

ලංකාව සදහා හිට්ලර් ගේ සැලසුම දැනගත් සැනකින් කොළඹ අගරදගුරු අති උතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණෝ මරිය තුමීය වෙත හැරුණාහ. අප අගරදගුරු හිමිපාණන් දැඩි මරිය භක්තියකින් යුත් අගරදගුරුතුමෙකි. එතුමාගේ නිල ලාංඡනයේ ද යොදා තිබුණේ "මෙන්න ඔබේ මෑණියෝයන ආදර්ශ පාඨයයි. තේවත්තේ පිහිටි ඇතැම් විට එකල කුඩාම දෙව්මැදුර වූ ලුර්දු මෑණියන්ගේ දෙව් මැදුරට ගොස් එතුමෝ එහි දණින් වැටි යාච්ඥාවෙහි යෙදුනාහමෙහිදි එතුමන් ප්‍රථම වර ආරක්ෂාව පතා බාර වූයේ 1940 මැයි මස 26 වැනි දාය ඒ ජපන් තර්ජනය උදාවිමට බොහෝ පෙරයි.

         

ඉහත සදහන් ආකාරයෙන්ම ජපන් තර්ජනය පිළිබදව දැනගත් අගරදගුරු ජෝන් මේරි මසොන් හිමිපාණෝ වඩාත් භක්තියෙන් සහ විශ්වාසයෙන්ද යුතුව මරියා්ත්තමාවන් වෙත හැරුණෝයක්‍රි.1942 පෙබරවාරි 02 වැනි දින එතුමෝ යළි භාරය අළුත්වැඩියා කර ප්‍රසිද්ධියට පත් කළෝයක්‍රි.1942 පෙබරවාරි 15 වැනිදා තේවත්තට වැඩම කල උන්වහන්සේ තම බාරය පිළිබදව ජනතාව තව දුරටත් දැනුවත් කළහ. තවද මාර්තු 16 වන දින  ළමයින් වෙත චක්‍රලේඛණයක් නිකුත් කර ප්‍රාතිහාර්යක් ඉල්ලා මෑනියන් වෙත නමෝ මරිය සහ ජපමාලයද උච්චාරණය කරන ලෙස ඉල්ලා සිටියෝය.

 

බාරය ඔප්පු කිරිම සදහා මුල් පියවර තැබීම

යුධ නිමාවත් සමග තම බාරය ඉටු කිරිමේ මහා කර්තව්‍ය වෙත අති උතුම් මසෝන් අගරදගුරු හිමිපාණෝ සිත් යොමු කළහ. ප්‍රථමයෙන්ම 1946 ඔක්තෝම්බර් 14 වැනිදා එතුමෝ රෝමයට ගොස් 12 වැනි පියුස් පාප් වහන්සේගෙන් ලංකා අප ස්වාමිදූ නමින් බැසිලිකා දෙව්මැදුරක් ඉදි කිරිම සදහා අවශ්‍ය වන විශේෂ අවසර ලබා ගත්තේයබැසිලිකා දෙව්මැදුර ඉදි කිරිම සදහා සුදුසු බිම්කොට සලකනු ලැබුවේ පැරණි දෙව්මැදුර ඉදිරිපස පිහිටි කදු ගැටයයි. එහෙත් එය සභාව හිමිව නොතිබුණු හෙයින් එය ලබා ගැනිම සදහා විශාල වෑයමක් දරන්නට සිදුවිය. අවසානයේදි 1946 නොවැම්බර් 27 වැනි දින එය ලබා ගන්නා ලදි. බැසිලිකාව අද පිහිටා ඇත්තේ එම බිම් පෙදසේය

         

1947 පෙබරවාරි 15 වැනි දින මරියෝත්තමාවන් "ලංකා අප ස්වාමිදූලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර 1948 ජූනි 11 වැනිදා එතුමිය ලංකාවේ අප ප්‍රධාන අනුග්‍රාහිකාව ලෙස නම් කරන ලදි. මේ අතර 1950 මාර්තු 09 වැනිදින ලංකා අප ස්වාමිදූව ගේ මංගල දින පෙබරවාරි 04 වැනි දින ලෙසට නියම විය.

 

දෙව් මැදුරේ වැඩ කටයුතු ආරම්භ කිරිම

ක්‍රි.1947 වූ ජූලි මස 22 වන දින ජාතික බැසිලිකාව ඉදිකිරිමේ පුරෝගාමිත්වය දැරූ මසොන් අගරදගුරු විපානෝ හදිසියේ ඇති වු හෘදයාබාධයකින් සුරලෝ සැපත් විමත් සමග මේ මහා දෙව් විමන ගොඩ නැගීමේ බාරදූර වගකීම හිමිවුයේ අනුප්‍රාප්තික අති උතුම් තෝමස් කුරේ නි..නි අගරදගුරු හිමිපානන් වෙතයි. එතුමන් මෙම වගකීම භාරගත්තේ ඉමහත් වරප්‍රසාදයක් ලෙසයඑතැන් සිට මේ මහා වගකීම සපුරා ඉටු කරන්නට දැඩි කැපවීමෙන් යුතුව එතුමෝ පියවර ගත්හ. නිල වශයෙන් තම අගරදගුරු වසමේ වැඩ කටයුතු බාරගත් සැණකින් නව අගරදගුරු හිමිපාණනගේ අභිමත වුයේ බැසිලිකා දෙව් මැදුරේ ගොඩනැගිලි කටයුතු විගස ආරම්භ කිරීමයි 1950 මාර්තු 29 වැනිදා ලංකාවේ අප ස්වාමිදූ ගේ මංගල දින ලෙස නියම කරන ලද පෙබරවාරි 04 දාවක් මුල්ගල තැබීම සදහා නියම කර ගත්තේය.

   

මුල්ගල තැබිම සදහා සූදානම් වනු වස් 1950 ජූලි 15 වැනිදා එහි පළමු පිඩැල්ල අගරදගුරු හිමිපාණෝ විසින් කැපුහ. එයට අවස්ථාව වූයේ එදින පාතිමා අප ස්වාමිදු ගේ සංචාරක ප්‍රතිමාව එහි පැමිණවිමයි. මෙම අවස්ථාවට යාපනය,ගාල්ල, නුවර සහ ත්‍රිකුණාමලයේද රදගුරු හිමිවරු සහභාගි වූහ. ඉක්බිති 1951 පෙබරවාරි මස 04 වැනිදා එතුමන් විසින්ම මුල්ගල ආසිරි ගන්වා තබන ලදි. මුල්ගල තබන ලද උත්සවයට විශාල වශයෙන් පැමිණ සිටියේ පැවදි පිරිසකි. එකල වසරක් වසරක් පාසා පෙබරවාරි 04 වැනි දින දේව කැදවිම් දිනයක් ලෙස සලකා පැවදි පූජක පිරිස් එහි පැමිණිම සිරිතක් විය. මේ අනුව පැරණි ලුර්දු ගුහාව අභියස දිව්‍ය පූජාවට සහභාගි වු පසු එම පිරිස ඉදිරිපස කදුකරයට පැමිණියහ. මුල්ගල ආසිරි ගැන්විම  සිදුවුයේ එවිටයි. අති උතුම් තෝමස් කුරේ අගරදගුරු හිමිපාණන් දිනක් පෘතුගීසි පාලන කාලයේ පිහිටි දෙව්මැදුරු නටඹුන් සොයා යමින් සිටියදි ගාලූ පාර හා බොල්ගොඩ වැව අතර පරත්තට පැමිණ ඇත. අදත් පල්ලියවත්ත නමින් හැදින්වෙන මෙහි එකල පිහිටි සිරි කුරුස දෙව්මැදුරේ අත්තිවාරමේ කබොක් ගල් ගලවමින් සිටි පිරිසකට හමුවි එතැනින් ගල් කිහිපයක් ලබාගෙන පැමිණ බැසිලිකාවේ අත්තිවාරමට ඒවා ඇතුළු කල බව උන් වහන්සේම සටහන් කර තිබේ. අද බැසිලිකා දෙව් මැදුර පිහිටා ඇති බිම් පෙදෙස එදා හේන් බිමකිඑහි විශාල ගස් කිසිවක් නොවිය. බූටෑවක් ලෙස හැදින්විය හැකි එහි කැප්පෙටියා පදුරු සහ වල් ඉදි පදුරු රැසක් විය. එදා හොදින් හිරු පායා තිබිණි. මේ හේතුවෙන් පිළිවෙත් පවත්වන ලද්දේ තද හිරු රශ්මියේය. කොළඹ බොරැල්ලේ සාන්ත බර්නාඩි දෙව්සත්හලේ සිසුන්ද එයට සහභාගි විය.

ක්‍රමයෙන් දෙව්මැදුර ඉදිකිරිමේ කටයුතු ඉටුවෙමින් පැවතිණි. ප්‍රධාන බාධකයක් වූයේ මුදල් හිගයයි. මේ සදහා විශාල උත්සහයක් දරන්නට සිදු විය. සුළු පමණින් හෝ සියළු දෙනාගේ දායකත්වය ලබා ගැනීම අගරදගුරු හිමිපාණන්ගේ අභිමතය විය. මෙම අරමුණු ඉටුකරගනු වස් එතුමෝ මුදල් ඇති අයගේ සහයෝගය පැතූහ. එවකට කලමුල්ල මීසම බාර කටයුතු කල ගරු ජෝසෆ් ප්‍රනාන්දු පියතුමන් 1952 නොවැම්බර් 15 වැනිදා මුදල් එකතු කිරිම සදහා පත් කරන ලදි. එතුමා දැඩි කැපවීමකින් යුතුව මේ සම්බන්ධයෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළේය. ජනතාවද හැකි අයුරින් තම දායකත්වය දක්වමින් මරියතුමිය වෙත කළගුණ දැක්වුහ. මෙලෙස ආධාර ලද නමුත් එය නොසෑහෙන වරක් විදේශ ගතවු අගුරදගුරු හිමිපාණෝ එතුමන් දැන හදුනා සිටි හිත මිතුරන් මෙන්ම ආයතනයන්ද මාර්ගයෙන් වැඩිපුර ආධාර ලබා ගත්තෝය.තවද ගොඩනැගිල්ල ඉදිකිරම සදහා 23 වසරක් ගත විය.

දෙව්මැදුර අභිෂේක කර විවෘත කිරිම සිදුවුයේ 1974 පෙබරවාරි 06 වැනිදාය. එහෙත් මෙය කල් දැමිමට සිදු වේදැයි යන බියක් උදාවිය. එයට හේතුව වූයේ 1973 දෙසැම්බර් අග සතියේ සිට කොළරාව කොළඹ හා ඒ අවට පැතිරෙන්නට පටන් ගැනිමයි. මේ ගැන ස්ථීර නිගමනයක් ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගෙන් ලබා ගැනිම අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමස් අගරදගුරු හිමිපාණන්ට පැවරිණි. එවැනි අන්තරාවක් ඒ වන විට ඇතිවනු නැතියි අපට නිශ්චිතව දැනුම් දෙන ලදි. ඒ අනුව උලළේ සංවිධාන කටයුතු ඉදිරියට ගෙන යෑම සිදු විය. එදින බැසිලිකා දෙව්මැදුර අභිෂේක කිරිමේ පිළිවෙත් ඉටු කිරිම සදහා දිවයිනේ අගරදගුරු හිමිවරු එකොළොස් දෙනෙක් සහභාගි වූ අතර සලාපුර විශ්‍රාමික රදගුරු හිමියනද ඒ අතර විය . ඒ පමණක් සහභාගි විය නොහැකි වූයේ තම දුර්වල සෞඛ්‍යය තත්වය නිසාය. අතිඋතුම් තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ හලාවත, මහනුවර, ගාල්ල, බදුල්ලත්‍රිකුණාමලය සහ යාපනය යන රාජගුරු පදවිවල රාජගුරු ප්‍රසාදින් වහන්සේලාද කොළඹ හා ත්‍රිකුණාමලය පදවිවල සහාය රදගුරුහිමිවරුන් ද මෙහෙයට සහභාගි වියඅභිෂේකයේ සළකුණු වශයෙන් දෙව් විමනේ බිත්තිවල සවිකරන ශෛලමය කුරුස දොළොස මේ රාජගුරු ප්‍රසාදින් වහන්සේලා සයනමක් විසින් ශුද්ධ වු තෛලයෙන් ආලේප කරන ලදි

 

 නව ලුර්දු ගුහාව

දෙව් මැදුර ඉදිකිරීමත් සමගම එයට සරිලන පරිදි ලුර්දු ගුහාවක්ද තැනීම අති උතුම් තෝමස් කුරේ අගරදගුරු හිමිපාණන්ගේ සැලසුම විය. ලුර්දුවේ පිහිටීම පසුබිම් කොටගෙන හැකි පමණින් ඊට සමාන පසුබිමක් තේවත්ත වන්දනා බිමේ ද ඇතිකිරීම එතුමන්ගේ වෑයම වූයේය. තේවත්ත ස්වභාවික පිහිටියාවද එයට තුඩුදුනිලුර්දුවේ මෙන්ම බැසිලිකා බිමේ වම් පසින් පිහිටියේ ගල් පර්වතයකිමෙය සභාවට අයත් නොවු බැවින් විශාල ප්‍රයත්නයක් දරා එය මිලදී ලබා ගත්තේ 1950 ජූනි මස 12 වන ද දිනදිය. මෙය ලූර්දු ගුහාවේ ආකෘතිය ලෙස සැලසුම් කරනු වස් වෙඩි දමා ගල කැඩූ අතර එයින් ගල් ප්‍රමාණයක් දෙව් මැදුර ගොඩනැගීම සදහා ද යොදාගන්නා ලදී. ලුර්දු ගුහාව සාදා නිමකරන ලද්දේ 1959 දීය.

 

ක්‍රි.1959 පෙබරවාරි 11 වනදා එය ආසිරි ගන්වා විවෘත කරන ලද්දේ අති උතුම් රොනල්ඩ් නෝක්ස් වතිකානු තානාපති හිමිපාණන් විසිනි එදින එහි ප්‍රථම දිව්‍ය පූජාව පුද කරන ලද්දේ නිමල මරිය නිකායේ ශ්‍රේෂ්ඨාධිපති අතිගරු ඩෙශැටලේ නි..නි පියතුමන් විසින්ය. පැරණි ගුහාවේ පිහිටා තිබූ ලුර්දු දේවමාතා ප්‍රතිමාව 1960 දෙසැම්බර් මස 08 වනදා නව ලුර්දු ගුහාව වෙත පෙරහැරින් ගෙන ගොස් තැන්පත් කරන ලදීමෙදින පවත්වන ලද දිව්‍ය පූජාවට  විශාල පිරිසක් සහභාගී වූ අතර රට සමකාලීනව පැවති තීරණාත්මක මොහොතේදී පවා (පාසැල් රජයට පවරා ගැනීමේ වෑයම) දේව මාතාවන්ගේ රැකවරණය පතා සියලු දෙනාම අගරදගුරු වසම වෙනුවෙන් යාච්ඤා කළහ. එවක් තැන් සිට රෝගීන් ආසිරි ගැන්වීමේ මෙහෙය ළමා දිනය වැනි පිළිවෙත් රැසක් මෙහි පැවැත්විණි.

 

ලංකා අප ස්වාමි දු ප්‍රතිමාව

ලංකා අප ස්වාමිදුව ලෙස විශේෂ අපටම ආවේණික දෙවමාතා ප්‍රතිමාවක් නිර්මාණය කිරීම කාදිනල් කුරේ හිමිපාණන් ගේ සිත්ගත් ඉතා වැදගත් කරුණක් විය.මේ කාලය තුල දේශීය කිතුණු කලාවක් ගොඩනැගීම ගැන නොයෙක් කථා පැවතිනි. කිතුණු දේශය චිත්‍ර කලා පෙරදිග රටවල ජපානය, භාරතය, චීනය, කොරියාව වැනි රටවල පැතිරෙද්දී රෝමයේ ධර්ම ප්‍රචාරක කාර්යංශයේ අති උතුම් කොන්ස්ටන්ටනී කාදිනල් හිමිපානන් වැනි සභා නායකයන් එයට අනුබල දෙද්දී අපටත් දේශීය වස්ත්‍ර පැලදගත් දේවමාතා ප්‍රතිමාවක් නරකදැයි ප්‍රශ්ණ කරන ලදි. එහෙත් දූරදර්ශිව හා පුළුල්ව කල්පනා කල කාදිනල් කුරේ හිමිපාණන්ට අවශ්‍ය වූයේ රටේ බාල, මහළු, සිංහල, දෙමළ සියළු දෙනාට එකසේ පිළිගෙන ගෞරවයට පාත්‍ර කල හැකි ප්‍රතිමාවක් නිර්මාණය කිරිමයි. මේ කාලයේදිම පාතිමා අප ස්වාමි දූ සංචාරක ප්‍රතිමාව දිවයිනට ගෙන එනු ලැබුවේයක්‍රිස්තු වර්ෂ 1950 දි ගෙනෙන ලද මෙම සංචාරක ප්‍රතිමාව මාස 5 තුළ දිවයිනේ සිව් දිග සංචාරය කල අතර එය කෙරෙහි අප කතෝලික සැදැහැවතුන් තුල විශේෂ භක්තියක් ඇති වියමෙය මැනවින් වටහගත් කාදිනල් කුරේ හිමිපාණන් මෙහි රූප ලක්ෂණ පදනම් කොට ගෙන ලංකා අප ස්වාමි දූ ප්‍රතිමාව සැලසුම් කරන්නට ඉටා ගත්හ. මෙය හුදෙක් පාතිමා ප්‍රතිමාවම අනුකරණය නොකොට අප ප්‍රතිමාව ජනතාවට වඩාත් සමිපවත් හා අර්ථවත් වන ලෙස අපටම ආවේණික ලක්ෂණ රැසක් එයට සම්බන්ධ කරන ලදි.

මෙම ප්‍රතිමාව නිමවන ලද්දේ දේවදාර ලීයෙන්ය. අද දිවයිනේ ජාතික පුෂ්පය බවට පත්වි ඇති නාමල් තුනක් සහිත කිනිත්තක් ප්‍රතිමා පාදමට එක් කරන ලදි(මේ වන විට නාමල ජාතික පුෂ්පය ලෙස අනුමත වි පිළිගෙන නොතිබුණි) මෙයින් සංඛේතවත් වූයේ දිවයිනේ ආවේණික මල් පුදා මුළු හදවතින් ලාංකික කතෝලික ජනතාව මෑනියන්ට ගරු කරන බවයිඑසේම සුදෝ සුදු නාමල මෑණියන්ගේ නිර්දෝෂ බවත් වසර පුරා නීල වර්ණයෙන් පවතින නාගසේ කොල ඇගේ කුමරි බවත් සංකේතවත් කරයි තවද නා ගසේ තද ලීය ස්වර්ගාරෝපණයෙන් ප්‍රකාශ වූ මෑණියන්ගේ අමරණීය බව හා අජරාමර බව සංකේතවත් කරයි. මීට අමතරව මෑණියන්ගේ දෑතේ ජේසු බිළින්දුන් තබන ලදිජේසු බිලිදානන් අප වෙත සුරත දිගු කොට ජපමාලය පෙන්වයි. උන් වහන්සේ අනෙක් අත දිගු කොට අපට දන්වන්නේ තම මෑණියන්වයි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නිතර ජපමාලය උච්ඡාරණය කරන ලෙස මෑණියන් අපට ආරාධනා කරන බවත් එසේ කරන අය දේව මාතාවන් වහන්සේ තම ජේසු බිලිදුන් මෙන් තුරුලේ හොවා වැළද ගන්නා බවත්යඅප දේව මාතා ප්‍රතිමාවේ ජේසු සමිදුන්ගේ හස්තය මත රදවා ඇත්තේ හයවැනි පාවුලූ පාප් වහන්සේ 1970 දෙසැම්බර් 04 වැනිදා දිවයිනට වැඩම කල අවස්ථාවේ මේ සදහා තෑගි කරන ලද ජපමාලයයි.

 

 පළදවන ලද ඔටුනු දෙක

ඔටුනු පැළැදවිම සදහා ඔටුනු දෙකක් නිර්මාණය කෙරිණි. එකක් දේවමාතා වහන්සේ සදහා වු අතර අනෙක ජේසු බිළින්දුන් සදහා විය. මේවාද දේශිය කලා ලක්ෂණ ඇතිව නිර්මාණයකරන්නට උපරිම පරිශ්‍රමයක් ගත් බව කිව යුතුයකලා අංශයෙන් මේ සදහා ක්‍රියාත්මක වූයේ රැලෙක්ස් රණසිංහ කලාකරුවාය ඔහුට ගරු අර්න්ස්ට් පෝරුතොට සහ ගරු ඇන්ස්ලම් ද කෘෘස් යන පියවරු උපදෙස් දුන්හ. මෙම රන් ඔටුනු සෑදිම සදහා අවශ්‍ය රත්රන් අති උතුම් මසොන් රදගුරු හිමිපාණන් ගේ කාලයේ සිට වසර ගණනාවක් තුළ රැස්කරන ලද ඒවාය. හිටපු අගරදගුරු හිමිවරුන්ගේ මුදු ද කුරුස සහිත මාලද මෙයට ඇතුළත්ය. මේ සදහා විශේෂ පරිත්‍යාගයක් කරන ලද්දේ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ශිෂ්‍යයෙකු විසින් පමණි. හෙතෙම පරලොව සැපත් තම මෑණියන්ගේ තාලිය පරිත්‍යාග කළේය. මෙයට අමතරව කොළඹ කොච්චිකඩේ සහ වෙනත් දේවස්ථානයන්හි දි පරිත්‍යාග කරන ලද රත්රන් භාණ්ඩ මේ සදහා යොදන ලදි. දේවමාතාවන් ගේ ඔටුන්නෙහි පැති තුනකි. එහි පෙරදිග සම්ප්‍රදාය අනුව පහන් දොළොසක් හා තරු දොළොසක්ද ඇත.ජේසු සමිදුන් ලොවේ සිව්දිග රජාණන් වන බව සංකේතවත් කරනු වස් එම ඔටුන්න පැති හතරකින් සමන්විතයි. මෙම ඔටුුනු දෙකම සාදවාගනු ලද්දේ කොළඹ පට්ටකන්නු සබයියා ආචාරි සහ පුතු සමාගමෙන්ය. අද මෙම ප්‍රතිමාවේ ජේසු බිළිදුන් සුරතේ ඇති ජපමාලය 06 වැනි පාවුළු පාප් වහන්සේ තෑගි කල රන් ජපමාලයකි. මීට අමතරව ජේසු බිළිදුන්ගේ ළයපැත්ත මත තරුවක් තබා ඇත. එය රන් පාටින් තබා ඇත්තේ කිතු සමිදුන්ගේ හදවත ප්‍රේමයෙන් පිරි රන් පාටින් යුත් හදවතක්  බව සළකුණු කරන්නටයි. දොළොස් වැනි පියුස් පාප් වහන්සේ ආසිරි පැන් වු කුඩා ප්‍රතිමාව අද දෙව්මැදුරේ දකුණු පස පල්ලි කොටසේ ජනතා යැදුම් සදහා තබා ඇත.

 

 දෙව් මව් ප්‍රතිමාවට ඔටුනු පැලන්දවිම

ඉතා ගාම්භීර ලෙස අභිෂේක පිළිවෙත් නිමකළ පසු දේවමාතාවන් වහන්සේගේ ප්‍රතිමාවට ඔටුනු පලන්දවනු ලැබිමේ පිළිවෙත් පැවැත්විණි. විශේෂයෙන් ඒ සදහාම ඉදිකරන ලද තාවකාලික පියගැටපෙළ දිගේ කාදිනල් කුරේ හිමිපාණන් උන්වහන්සේ ගේ සහායක රදගුරු හිමිවරුන් දෙදෙනා සහ පෞද්ගලික ලේකම් පියතුමාද සමග පිය නැගුනාහ. සහායක රදගුරු හිමිවරු ඔටුනු දෙක රැගෙන නැගුණු අතර කාදිනල් හිමිපාණෝ කිරුලූ පැළැන්දූහමෙම පිළිවෙත් සදහා ගරු පියවරුන් දෙසිය දෙනෙක් පමණද විශාල සැදැහැවත් පිරිසක්ද සහභාගි වූහ.

  • අභිෂේකයට සහභාගි වු අති උතුම් රාජගුරු ප්‍රසාදින් වහන්සේලාගේ නම් මෙසේය.
  • අති උතුම් තෝමස් කාදිනල් කුරේ නි..නි
  • අති උතුම් කාලෝ කුරිස් අගරදගුරු හිමි
  • අති උතුම් ඉග්නේෂන් ග්ලේනි හිමි ජේගනි
  • අති උතුම් ඇන්ටනී ද සේරම් හිමි
  • අති උතුම් ලියෝ නානායක්කාර හිිමි
  • අති උතුම් බීගදියෝගුපිල්ලේ හිමි
  • අති උතුම් ෆ්‍රෑන්ක්ස් මාක්ස් ප්‍රනාන්දු හිමි
  • අති උතුම් පෝල් පෙරේරා හිිමි
  • අති උතුම් බර්නාඩ් රෙඤඤෝ හිමි
  • අති උතුම් එල්ගආර්ගඇන්තනී හිමි
  • අති උතුම් එඩ්මන් ප්‍රනාන්දු හිමි
  • අති උතුම් ඔස්වල්ඩි ගෝමස් හිමි

බැසිලිකා දෙව් විමන අබිසෙස් ගැන්විමෙදි පහත නම් සදහන් සාන්තු වරයන්ගේ ශුද්ධ වු ධාතු එහි නිදන් කෙරිණිකොළඹ ආසන දෙව් මැදුරේ නාම සාන්තුවරිය වන ශුද්ධ වු ලූසී තුමියරෝමයේ පිහිටි කාදිනල් හිමිගේ නිල නාමධාරි දෙව් මැදුරේ නාම සාන්තුවරයාණන් වන ශුද්ධ වු තේරියස් හා ඇකිලස් යන ප්‍රාණ සාක්ෂිවරු ඇතුලුව 

  • ශුද්ධ වු මරියා ගොරෙත්ති උගන්ඩාවේ ප්‍රාණ සාක්ෂිවර ශුද්ධ වු චාල්ස් ලූවන්ගා
  • ශුද්ධ වු චාල්ස් බ්‍රොමයෝ
  • ශුද්ධ වු ප්‍රැන්සියස් සාවියර්
  • ශුද්ධ වු ජෝන් බැප්ටිස් වියන්නි
  • පාදුවාහි ශුද්ධ වු මාටින්
  • ලිසියාහි ශුද්ධ වු තෙරේසා
  • පාදුවාහි ශුද්ධ වු ඇන්තෝනි
  • ලීමායාහි ශුද්ධ වු රෝස්

 ප්‍රාණ සාක්ෂිවර , වේද සාක්ෂිවර හා කන්‍යාවන් ඇතුළත් මේ සාන්තුවර වීරාවලිය ගිහි පැවදි පූජක රාජගුරු උතුමන්ලාද ඇතුළත් වෙති

 

 බැසිලිකා දෙව් මැදුරේ විශේෂ ස්ථාන

මුහුණතේ තඹ කුරුසිය 

දෙව්මැදුරු මුහුණතේ ඇති කුරුස ප්‍රතිමාව අඹන ලද්දේ දිවයිනේ ප්‍රකට මූර්ති ශිල්පිනියක වන ලිලා පීරිස් මැතිණිය විසිනි. කාදිනල් හිමිපාණන්ගේ උපදෙස් අනුව එහි වත මඩල ටියුරින්හි සිරි සළුවේ ස්වරූපයට සමාන කොට යොදා ඇති අතර මෙහි ඇළුමිනියම් රාමුව සාදන ලද්දේ කොළඹ සීමාසහිත රෝලන්ඩ්ස් සමාගම විසිනිකලකදි සුළු ප්‍රමාද දෝෂයක් හේතුවෙන් මෙය කළුවට පාට කරනු ලැබුවත් එය ඉවත් කොට දැන් එහි තඹ පැහැය මතු කොට ඇත. 

සුදු තිරිවානා පුදසුන

දෙව්මැදුර ඇතුළත ප්‍රධාන වන්නේ අල්තාරය හෙවත් පූජාසනයයි. මෙය කිරිබත්ගොඩ ගල්හේන හන්දිය අසල ගල් වළකින් ලබා ගන්නා ලද තනි සුදු ගල් කුට්ටියක් වන්නේයඅඩි 12 ක් දිග ඇති මෙහි පළල අඩි 4 කි උස අඩි 3 X 3 වන අතර බර ටොන් 18 කිඑය ගෙන ඒම ප්‍රශ්නයක් විය. එසේම එය දෙව්මැදුරට ඇතුළු කිරිමද පහසු නොවිය. මේ සදහා කම්කරුවෝ දොළොස් දෙනෙක් සති දෙකක් ගත වූහ. "වින්චියක්යොදා යකඩ තාප්ප මත පැයකට අගල් හයක වේගයෙන් එය ඇතුළට ගෙන ස්ථානගත කරන ලදිඑවකට තේවත්ත දෙව්මැදුරේ පරිපාලක පියතුමා ලෙස සිටි ගරු ඔලිවර් වීරක්කොඩි පියතුමාගේ උපදෙස් අනුව සියල්ල සාර්ථකව කෙරිණි. මුලදි මෙම සුදු තිරිවානා කුට්ටිය ඔප නොදමා එලෙසම සවිකරන ලද නමුත් එහි අලංකාරය එසේ නොපෙණුන හෙයින් පසුව මටසිළිටු බව දැක්විම සදහා එය සිනිදු කරන ලදි. මෙම වෙනස කළේ ගරු රේෆල් ඇලෙන්සියස් පියතුමාය. මෙම අල්තාර ගල සදහා ගෙවන ලද්දේ පාසල් ළමයින් විසින් පරිත්‍යාග කල මුදල් වලින්ය .

 දිව්‍ය සත්ප්‍රසාද කූඩාරම

මෙහි තනා ඇති දිව්‍ය සත්ප්‍රසාද කූඩාරම අති විශේෂ බවක් දක්වයි. මෙය සැලසුම් කර ඇත්තේ බයිබලයේ විස්තර කෙරෙන ගිවිසුම් පෙට්ටියේ අනුකරණයක් ලෙසයිඒ ගැන බයිබලයේ පැරණි ගිවිසුමේ සදහන්ව ඇති පරිදි එම ප්‍රමාණයෙන්ම මෙය සකස් කර ඇති අතරම  ඒ අනුව ම දෙපසින් සුරදූතයන් දෙදෙනෙකු ද යොදා ඇත්තේයසත්ප්‍රසාද කූඩුව තැබීමට ඇති මෙම කුටිය සහ අල්තාරයද ගරු පැවදි සහෝදර සහෝදරියන් ගේ නිකාය ප්‍රධානින් විසින් පරිත්‍යාග කරන මුදලින් සාදන ලදි. එහි දොර සහ ලීකැටයම් අම්පිටිය ජාතික දෙව්සත්හලෙන් ප්‍රදානය කරන ලද "රෝස්වුඩ්ලීයෙන් සාදා ඇතසත්ප්‍රසාද අල්තාරය සදුන් ලීයෙන් සාදා ඇත. පූරාණ ගිවිසුමේ දේව වාක්‍යය ආරක්ෂා කිරිමට එය සටහන් කොට සදුන් ලීයෙන් සෑදු ගිවිසුම් දාගැබක තැන්පත් කළහ. අප දේව වාක්‍යයාණන් වැඩ සිටින දිව්‍ය සත්ප්‍රසාද කූඩුවද එලෙසම සදුන් ලීයෙන් සෑදු ගිවිසුම් දාගැබක තැන්පත් කර ඇත. මෙම සදුන් ලීය ලබාදෙන ලද්දේ නාකදපොල එච්.එන් පීරිස් මහතාණන් විසිනි. කාදිනල් හිමිපාණන් විසින් මේ කොටස සැලසුම් කරන ලද්දේ මොරටුවේ අල්තාරබාස් ලෙස ප්‍රසිද්ධ කාර්ලෝ ප්‍රනාන්දු සහ සුනිල් ප්‍රනාන්දු යන වඩු බාස් වරුන් දෙදෙනා විසින්ය.

          යටි කුටිය හෙවත් පතුල් මාලය

බැසිලිකා දෙව් මැදුරේ ප්‍රධාන පුදසුන පිටුපස කොටස තට්ටු දෙකකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලකි. පහත මහල අද දිව්‍ය සත්ප්‍රසාද වන්දනා දෙව්මැදුරයිආරම්භයේදි එය එසේ නොවිය එවකට මෙහි තබන ලද්දේ දේවමාතා පින්තූරයක් පමණි. එහෙත් මංගල දිනයන්හිදි අප සැදැහැවතුන් පිරිස එම පින්තූරය සිපාචාර කරන්නට රොක් වූහ. වරක් රෝගින් ආසිරි ගැන්විමේ දිනෙක මෙහි ඇතුළු විම සදහා පෙළගැසුනු ජන ගංගාව වැව් කණ්ඩිය තෙක් ඇදී ගියේයමේ ජනයින් දැක මෙහි ලංකා අප ස්වාමි දු ගේ පින්තූරයක් තැබිය යුතු බව අප තෝමස් කුරේ කාදිනල් හිමිපාණෝ යෝජනා කලහ. ඒ අනුව ලංකා මෑනියන් ගේ කුඩා ප්‍රතිමාව මෙහි තබන ලදිපැරණි කතෝලික සම්ප්‍රදාය අනුව රදගුරු හිමිවරුන් මෙහි භූමදාන කරනු වස් සොහොන් ගැබ්ද සලසා තබනු ලැබුවෙ ක්‍රි.1988 ඔක්තොම්බර් 29 වැනිදා ස්වර්ගස්ථ වි වදාළ අප අති උතුම් තොමස් කාදිනල් කුරේ හිමිපාණන් භූමිදාන කර ඇත්තේ මෙහිය. දේව සෙවන ලෙස දැන් අප හදුන්වන තෝමස් කුරේ කාදිනල් හිමිපාණනගේ ශුද්ධවත් ජීවිත පැවැත්ම දන්නා බැතිමත්හු එතුමන්ගේ මේ සොහොන් ගැබ වෙත ගලා එති. එතුමන්ගේ මැදහත්කමින් වරප්‍රසාද ද පතන්නෝ බොහෝය. එම නිසා ක්‍රි.2006 දි එතුමන්ගේ  පිළිරුවක්ද පිහිටුවා සොහොන් ගැබ වටකරමින් අලංකාර කරන ලදි. මෙම පිළිරුව එම වසරේදි නිර්මාණය කරන ලද්දේ ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ශූරින් විසිනි ජනතාවගේ පැමිණිම හා දිගු වේලාවක් මෙහි යාච්ඥාවෙහි යෙදී සිටිම සලකා මෙන්ම එවකට සිටි සිද්ධස්ථාන පාලක ගරු මර්ල් ශාන්ත පෙරේරා පියතුමා මෙය කුඩා දිව්‍ය සත්ප්‍රසාද මැදුරක් ලෙසයි.   එහි වාඩිවි යාච්ඥා කරන්නට පහසුවන පිණිසයි. තවද බැසිලිකාවේ ප්‍රධාන පුදසුන (අල්තාරය) වටා බිම් කොටසද අතුරා තිබුණු කළුගල් වෙනුවට සියුම් කළුගල් වර්ගයක් යොදා ඒ දවස්හිදිම මෙම ස්ථානයත් අලංකාර කරන ලදි. එසේම පුදසුන පිටුපස දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපය ඉදිරිපස බිම් පෙදෙසද මටසිළුටු ටෙරාසෝ වර්ගයක් යොදා සකසා ඇත්තේය. මෙම පරිවර්තනයද ක්‍රියාත්මක කරවන ලද්දේ ක්‍රි.2006 දි අතිගරු මර්ල් ශාන්ත පෙරේරා පරිපාලක පියතුමන් විසිනි. 

ජනවාරි 29 වන දින නුවාන පූජාව

ජනවාරි 30 වන දින නුවාන පූජාව

Basilica Outside

Basilica Outside Old Images

Grotto

Inside basilica

Basilica garden